සේවා අර්ථසාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා වන බවයි.
සේවා අර්ථසාධක අරමුදලෙන් සියයට 30ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුන් පෙළඹී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඊට අමතරව ප්‍රතිලාභ අතරමැදියන්ගේ මැදිහත්වීමද නිරීක්‍ෂණය වී ඇති බවයි මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.