Thursday, March 6, 2025

General line - 0115112241

 දකුණු කොරියාවේ හමුදා අභ්‍යාසයක් අතරතුර සිවිල් වැසියන්15කට තුවාල



ප්‍රහාරක ජෙට් යානයකින් වැටුණු බෝම්බයක් හේතුවෙන් දකුණු කොරියාවේ සිවිල් වැසියන් ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා 

එම අනතුරෙන්  සිවිල් වැසියන් හය දෙනෙකු සහ සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඉන් 02 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

බරපතල තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු විදේශිකයන් වන අතර, එක් අයෙකු තායිලන්තයෙන් සහ අනෙකා මියන්මාරයෙන් පැමිණි අය වනවා 

ඇමරිකානු හමුදාව සහ දකුණු කොරියානු හමුදාව අතර ඒකාබද්ධ සජීවී අභ්‍යාසයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානයකින් බෝම්බ 8ක් වැටි තිබෙනවා 

ඒ නියම කරන ලද වෙඩි තැබීමේ පරාසයෙන් පිටත උතුරු කොරියා දේශසිමා ආසන්න ප්‍රදේශයකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඉන් එක් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන අතර අනෙක් බෝම්බ 7 නිෂ්ක්‍රීය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා තිබෙනවා.

නිවාස තුනක්, කතෝලික පල්ලියක් සහ හරිතාගාරයක් අර්ධ වශයෙන් හානි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු කොරියාව පුරා සියලුම සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස අත්හිටුවීමට තීරණය කළ බව හමුදාව පවසා තිබෙනවා