එළඹෙන පළාත් පාලන මැතිවරණයට වඩා ඉන් පසුව පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය අඩු වී ඇතැයි පැහැදිලි වනු ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියා සිටියා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.