Friday, April 26, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගය කැන්ගරුවන් ජය ගනියි




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 2කින් ජය ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ (28) රාති‍්‍ර සමත් වුණා.

රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගය තිලකරත්න ඩිල්ෂාන් සහභාගි වූ අවසන් එක්දින තරගයයි. මෙම ජයග‍්‍රහණයත් සමග තරග 5කින් සමන්විත මෙම තරගාවලිය 2 ට එකක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු දෙකක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 226ක් රැස් කළා.

සිය එක්දින කි‍්‍රකට් දිවියේ සිවුවන ශතකය වාර්තා දිනේෂ් චන්දිමාල් ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා. තිලකරත්න ඩිල්ෂාන්ගේ සිය අවසන් එක්දින ඉනිම නිමා කළේ ලකුණු 42ක් රැස් කරමින්.

ලකුණු 227 ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 44ක් තුළ බිඳ හෙලීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් ජෝර්ජ් බෙයිලි සහ මැතිව් වේඩ් පස්වැනි කඩුල්ලට ලකුණු 81ක සබදතාවත් ගොඩනගමින් සිය කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා.

ජෝර්ජ බෙයිලි ලකුණු 70යි. මැතිව් වේඩ් ලකුණු 42ක් රැස් කළා. ඕස්ටේ‍්‍රලියානු පසුපෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ අමිල අපොන්සු ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් වරෙක ශී‍්‍ර ලංකාවට යළි ජයග‍්‍රාහී බලාපොරොත්තු දල්වනු ලැබුවා.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම වරෙක කඩුලු 7ක් දැවී ලකුණු 207ක් ලබා අසීරු තත්වයකද පසු වුණා.

කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රයානු කණ්ඩායම පන්දුවාර 47ක් අවසානයේ කඩුලු 8ක් දැවී තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළා.

පන්දු යැවීමේදී අමිල අපොන්සු, දිල්රුවන් පෙරේරා සහ අන්ජලෝ මැතිව්ස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ජෝර්ජ් බෙයිලි.

තරගයෙන් අනතුරුව එක්දින කි‍්‍රකට් පිටියෙන් සමුගත් සුපිරි තුන් ඉරියව් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන්ට සමරු තිළිණයක්ද ප‍්‍රදානය කෙරුණා. ඒ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අතින්.

පසුව තිලකරත්න ඩිල්ෂාන් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයට එක්ව සිටි කී‍්‍රඩා ලෝලීන් මෙලෙස අමතනු ලැබුවා..

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර සිවුවන එක්දින තරගය ලබන බදාදා රංගිරි දඹුලු කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Cq9j8QOUAAAl-RT

7793130-3x2-940x627