වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 04 දෙනෙකු පත් කර තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුවයි.
වසරක කාලයකට හෝ එම තනතුරට සුදුසු නිලධාරියෙකු ස්ථීරව පත් කරන තෙක් යන දෙකෙන් පළමුව එළඹෙන අවස්ථාව තෙක් එම පත් කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්. මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂ, පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ සිට මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබෙනවා.
අධ්‍යක්ෂ, මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා කොට්ඨාසයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පත් කර ඇත්තේ බස්නාහිර පළාත රථ වාහන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි රාජකාරි ඉටු කිරීම සඳහායි.
ප්‍රවාහන කොට්ඨාසයෙහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එම්.එම්.ඒ.බී. මහගිරිල්ල මහතා ද රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එම්.යූ.පී. කළුපහන මහතා බණ්ඩාරවෙල කොට්ඨාස භාර නිලධාරි තනතුරෙහි සිට මොණරාගල දිසාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබෙනවා.
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර තිබෙනවා.
එලෙස ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරින්ගේ සම්පූර්ණ නාම ලේඛනය පහතින්