Monday, March 10, 2025

General line - 0115112241

සත්ව සංගණනය ගැන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්



එළඹෙන 15 වනදා සිදු කිරීමට නියමිත වන සත්ව සංගණනයට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ප්‍රකාශයට පත් කර ඇති වේලාව තුළ සෑම ගෙවත්තකම සහ ගොවි බිමකම ජනතාව විසින් මෙම සංගණනය සිදුකල යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් සිදුකල විමසීමකදී සඳහන් කළේ.


සංගණනයෙන් පසු මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට ගත හැකි විද්‍යාත්මක ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.