අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් අද දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් රැසක් අපහසුතාවට පත්ව තිබුණා.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට උදෑසන 08 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා මාධ්‍යයට මේ බව ප්‍රකාශ කළා.