Tuesday, April 15, 2025

General line - 0115112241

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතන සැකකරුවෙකු රට පනින්න යද්දී අල්ලයි



මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ මෙම සැකකරු ඝාතන සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් දියතලාව ප්‍රදේශයේ සැඟවී සිට ඇති බවයි.

සැකකරු මිද්දෙණිය පොලීසියට භාර දීමට නියමිතයි.

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 13ක්.

ඒ අතරට කාන්තාවක්ද අයත්.