Thursday, March 13, 2025

General line - 0115112241

කොළඹ හෝමාගම මුවන්ගෙන් පිරීගොස් අලුත් ප්‍රශ්නයක්



කොළඹ හෝමාගම නගරය ආශ්‍රිතව ගම්මාන රැසක ව්‍යාප්ත වී ඇති මුවන් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විටත් හෝමාගම ආශ්‍රිතව 1,500ත් 2,000ත් අතර මුව ගහණයක් සිටින බවයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට එක් වෙමින්.

විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පැවසුවේ වගා හානි කරන සතුන්ගෙන් ගොවි බිම් බේරා ගැනීමට යාමේදී ගොවීන් අලුත් ගැටලුවකට මුහුණ දී ඇති බවයි. 

විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ආණ්ඩුව මහ කන්නයේ වී මිලදී ගැනීමට මුදල් වෙන් කළද යළ කන්නයේ වී මිලදී ගැනීමට මුදල් වෙන් කර නොමැති බවයි.