Thursday, March 13, 2025

General line - 0115112241

ඉන්දියානු ඖෂධවලටත් අමෙරිකාව බදු ගහන්න සැරසෙයි



අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අලුතෙන් තීරු බදු පැනවීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය හේතුවෙන් මේ වන විට ලොව පුරා අලුත් කතාබහක් මතු කර තිබෙනවා.

එය දැන් වඩාත් තීව්‍ර කර ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධ සඳහාද තීරු බදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමයි. 

විචාරකයින් පවසන්නේ ලබන මාසයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට එරෙහිව පැනවීමට නියමිත තීරුබදු සමඟ, මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට අධික මුදලක් වෛද්‍ය බිල්පත් සඳහා සූදානම් වීමට සිදුවනු ඇති බවයි.

එවන් පසුබිමක ඉන්දීය වාණිජ අමාත්‍ය පියුෂ් ගෝයාල්, අමෙරිකානු නිලධාරීන් සමඟ සාකච්ඡා සඳහා හදිසියේ එරටට පැමිණ තිබෙනවා.

ඖෂධ වැනි ඉන්දියාවේ තීරණාත්මක අපනයන කර්මාන්ත සඳහා බදු වැඩිවීම් වළක්වා ගැනීම ඔහුගේ අරමුණ බවයි විදෙස් මාථ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ අලෙවි කරන ඖෂධවලින් අඩක් පමණ ඉන්දියාවෙන් ආනයනය කරනවා.

අමෙරිකානුවන් අධි රුධිර පීඩනය සහ මානසික සෞඛ්‍ය රෝග සඳහා ගන්නා බෙහෙත් වට්ටෝරු වලින් සියයට 60කට වඩා අයත් වන්නේ ඉන්දියානු නිෂ්පාදිත ඖෂධයි.