Friday, March 14, 2025

General line - 0115112241

යුක්‍රේනය සමග සටන් විරාමයට රුසියාව අකමැති වන ලකුණු



යුක්‍රේනය සහ රුසියාව අතර කෙටි කාලීන සටන් විරාමය ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝජිතයෙකු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාව පවසන්නේ සටන් විරාමය තුලින් යුක්‍රේනයට තාවකාලික විවේකයක් හැර අන් කිසිවක් නොලැබෙන බවයි.

දින 30ක සටන් විරාම යෝජනාවක් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාව සහ රුසියාව මොස්කව්හිදී හමුවීමට නියමිතව ඇති පසුබිමක් තුළ මෙම ප්‍රකාශය සිදුවීම විශේෂත්වයක්.

අදාළ සටන් විරාම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකාව විසින්.