Tuesday, April 15, 2025

General line - 0115112241

සටන් විරාමයට පුටින්ගෙන් කොන්දේසි



යුක්‍රේනය සමග සටන් විරාමයක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තාවකාලික සටන් විරාමය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක්ද රුසියාවේ මොස්කව් නුවරට පැමිණ ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අදහස් ප්‍රකාශ කර නැහැ.

ඒ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සහ ඇමරිකාවේ ජනධිපතිවරයා අතර ඉක්මනින් දුරකථන සංවාදයක් සිදුවීමට නියමිත බවද එම වාර්තාවල සඳහන්.'