Saturday, March 15, 2025

General line - 0115112241

බන්ධනාගාර බස් රථයක් අනතුරක රැඳවියන් ඇතුළු 06 ක් රෝහලේ



බන්ධනාගාර රැඳවියන් කිහිපදෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

උඩුගම, ගාල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථය සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී බන්ධනාගාර බස් රථය තුළ සිටි සැකකාරියන් දෙදෙනෙක්, රියදුරු, බන්ධනාගාර නිලධාරියෙකු සහ බන්ධනාගාර නිලධාරිනියක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ලොරි රථයේ රියදුරාද තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුවන් සහ සැකකාරියන් කිහිපදෙනෙකු උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ගාල්ල බන්ධනාගාරය වෙත ඔවුන් රැගෙන යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.