Saturday, March 15, 2025

General line - 0115112241

ඉන්දීය අගමැති අප්‍රේල් මුල් සතියේ දිවයිනට



අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය වූ අද දිනයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂ මේ වන විට විවාදයට ගැනෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විවාදය ආරම්භ කළා. මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී පිළිතුරු ලබා දුන්නා. 


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන්ද අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී අදහස් පළ කළා.  


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙලෙසයි. 


තැන තැන සිදුවන වෙඩිතැබීම් නතර කිරීම සඳහා නිසි විසඳුම් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. 


මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා  අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු එලෙස ඉල්ලා අස් වී තිබෙනවා.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.