අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම වෙඩි තැබීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් පොඩි සුද්දා පාතාලය සමග කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බවට අනාවරණ වූ බවයි.
ඔහු කුලී රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු වනවා.
කෙසේවෙතත් අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ආසන්නයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල අපරාධකරුවෙකු වන අගම්පොඩි සමන් ප්‍රියන්ත නොහොත් සමන් කොල්ලාගේ නිවස පිහිටා ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව එම වෙඩි තැබීම සමන් කොල්ලාගේ මෙහෙයවීම මත සිදු වුණේදැයි පොලිස් විමර්ශනවල වැඩි අවධානයක් යොමු වී ඇති බවයි වාර්තා වුණේ.
පොඩි සුද්දා ඊයේ පස්වරු 06යි 30ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ අම්බලන්ගොඩ ඉඩම්තොට බුදුමැදුර ආසන්නයේදීයි.
එහිදී බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට රැගෙන යන අනතුරදී මියගොස් තිබෙනවා.