ඉකුත් 15 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වැල්ලම්පිටිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන වැලලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් සන්තකයේ තිබී එම අපරාධයට යොදාගත් බවට සැකකෙරෙන මන්නා පිහි 02ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.