Tuesday, March 18, 2025

General line - 0115112241

සති කිහිපයකට පසු පාප්තුමන්ගේ ඡායාරූපයක් වතිකානයෙන් මාධ්‍යයට



රෝහල්ගතව සිටින ශුද්ධොත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් වතිකානය පළමුවරට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

නියුමෝනියාව වැලඳී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ පාප්තුමන්ගේ රුවක් එලෙස මාධ්‍ය වෙත නිකුත් වූයේ සති කිහිපයකට පසුවයි. 

88 හැවිරිදි පාප් වහන්සේ රෝමයේ ගෙමෙල්ලි රෝහලේ පිහිටා ඇති දෙව්මැදුරේදී ඉකුත් ඉරිදා උදෑසන දිව්‍ය පූජාවට එක් වූ බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ශුද්ධෝත්තම පියතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවද වතිකානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.