සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ, අද පැවති තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමඟයි.
වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 15කට සීමා කෙරුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ඉණිමේ 14 වන පන්දුවාරය අවසානයේ ක්‍රීඩා පිටියට යළි වර්ෂාව ඇද හැලුනා.
ඒ වනවිට නවසීලන්තය කඩුලු 03ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 101ක්.
කෙසේවෙතත් වර්ෂාවත් සමග තරගය අත්හැර දැමීමටයි පසුව තීරණය කෙරුණේ.
දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය කඩුලු හතකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
දෙවන තරගය කඩුලු හතකින් ජය ගත්තේ නවසීලන්තයයි.
තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හිමි වුණා.