Thursday, March 20, 2025

General line - 0115112241

වසර 300ක් පැරණි සොහොනක් නිසා ඉන්දියාවේ ආගමික ගැටුමක්



17 වන සියවසේ ඉදිකළ සොහොනක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ආගමික ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයේයි.

ගැටුම් උණුසුම්වීමත් සමග දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. 

මෙම ගැටුම්වලට මූලික වී ඇත්තේ වසර 300 කට වැඩි කාලයකට පෙර මිය ගිය මුස්ලිම් මෝගල් පාලකයෙකු වූ ඕරංසෙබ්ගේ සොහොන කඩා දැමීමට ඉල්ලා හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් විරෝධතාවයක් ආරම්භ කිරීමයි.

ඒ අතරතුර ඊයේ දිනයේ හින්දු සහ මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී තිබෙනවා. 

ප්‍රචණ්ඩත්වය අතරතුර අවම වශයෙන් පොලිස් නිලධාරීන් 34 දෙනෙකු සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිවාස සහ වාහනවලටද හානි සිදුවී ඇති අතර මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඖරංසෙබ්ගේ සොහොන නාග්පූර් සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි නගරයක පිහිටා තිබෙනවා.

මෙම නගරය කලින් හැඳින්වූයේ මෝගල් පාලකයා නමින්.

17 වන සියවසේ ඔහුගේ පාලන සමයේදී හින්දු භක්තිකයන්ට හිංසා පීඩා කළ බවටයි චෝදනා කරන්නේ.