Tuesday, April 15, 2025

General line - 0115112241

ඊශ්‍රායලය, ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර අරඹයි



ඊශ්‍රායලය, ගාසා තීරයේ සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.

ඒ, සටන් විරාම ගිවිසුම අවසානයේ ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති පසුබිමකයි.

හමාස් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දින දෙක තුළ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පුද්ගලයින් 430 කට වැඩි පිරිසක් මිය ගිය බවයි. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පැවසුවේ සිය හමුදා සාමාජිකයින් ගාසා තීරයේ නෙට්සාරිම් කොරිඩෝව දක්වා ගමන් කර ඇති බවයි.

එය ගාසා තීරයේ උතුර සහ දකුණ වෙන් කරන ප්‍රදේශයයි.

ඒ අනුව ගාසා වැසියන්ට එම ප්‍රදේශ හැරයන ලෙසටයි දැනුම් දී ඇත්තේ. 

2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට හමාස් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගිය අතර පුද්ගලයින් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත්තා.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකින් පලස්තීනුවන් 48,500 කට වැඩි පිරිසක් මිය ගියා.