Friday, March 21, 2025

General line - 0115112241

හදිසි විදුලි ඇණහිටීමකින් හීත්‍රෝ ගුවන් තොටුපොළ වසා දමයි



හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ලන්ඩනයේ තීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම ගුවන් තොටුපොළට විදුලිය සැපයෙන විදුලි උපපොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන් තොටුපළ අද දිනය පුරා වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම ගුවන් තොටුපොළ වන හීත්‍රෝ ගුවන් තොටුපොළේ කටයුතුවලට ඉදිරි දින කිහිපය තුළද සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකි බව බ්‍රිතාන්‍ය ගුවන් බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ගුවන් තොටුපොළ නැවත විවෘත කරන තෙක් ගුවන් තොටුපොළ වෙත ගමන් නොකරන ලෙසයි බ්‍රිතාන්‍ය බලධාරීන් ගුවන් මගීන්ට දැනුම් දී ඇත්තේ.