Saturday, March 22, 2025

General line - 0115112241

රාජ්‍ය ආයතනවල නීති හා රෙගුලාසි සරල කිරීමට මහජන අදහස් විමසයි



රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් කැඳවීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතය මගින් මහජනතාවට සැලසෙන සේවාවන් තවත් කාර්යක්‍ෂම කිරීම  අරමුණු කර ගනිමින්.

ඒ අනුව මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා දෙන ලෙසයි එම අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

074 08 96 768 යන වට්ස්ඇප් අංකය හරහා ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ හැකියි. 

මීට අමතරව මහජන අදහස් යොමු කළ හැකි විද්්‍යුත් තැපෑල සහ අනෙකුත් ක්‍රම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහතින්