සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි සහ පිරිවෙන් භික්ෂූන් වහන්සේ සඳහා සිවුරු බෙදා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ එම නිල ඇඳුම් රෙදි බෙදා දුන් බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වූ අතර ඒ සඳහා අවශ්‍යතාවය වූ මුළු රෙදි ප්‍රමාණය වූ රෙදි මීටර් මිලියන 12ක් පමණ චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබි තිබුණා.
2015 වසරේ සිට 2020 වර්ෂය දක්වා නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා වවුචර් පත් ලබාදීම සිදු වුණා.
ඉන් අනතුරුව සෑම වසරකම නිල ඇඳුම් රෙදි වශයෙන් ලබා දීමටයි තීරණය කෙරුණේ.
මෙම වර්ෂය සඳහා අවශ්‍යතාවයෙන් සියයට 100ක් එනම් රුපියල් මිලියන 5,171කට ආසන්න මූල්‍ය වටිනාකමකින් යුතු පාසල් නිල ඇඳුම් රෙදි මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.