Monday, March 24, 2025

General line - 0115112241

අයවැය යෝජනා ගැන මාස තුනකට වරක් පසුවිපරම් කරන්නැයි ආර්ථික විද්වතෙක් රජයෙන් ඉල්ලයි



අයවැය යෝජනා රට තුළ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා.

එලෙස කටයුතු කළහොත් පමණක් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට හැකියාව ලැබෙන බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනය අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.


ඒ අනුව අයවැය යෝජනා සම්බන්ධයෙන් මාස තුනකට වරක් පසුවිපරම් කළ යුතු බවද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නා.