Tuesday, March 25, 2025

General line - 0115112241

වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම්වලින් 22 දෙනෙකුට දිවි අහිමි වෙයි



මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

එම වෙඩි තැබීමේ සිද්ධීන් 27ට අදාළව මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් 18ක් වාර්තා වන අතර එමගින් පුද්ගලයන් 19 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙනත් හේතූන් මත සිදු වූ අනෙකුත් වෙඩි තැබීමේ සිදුවීම් 09 මගින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම වෙඩි තැබීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.