Wednesday, March 26, 2025

General line - 0115112241

කැනඩාවේ නව අගමැති හදිසි මහ මැතිවරණයක් කැඳවයි



කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි හදිසි මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 28 වනදා කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මාර්ක් කාර්නි කැනඩාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති දෙකකට අඩු කාලයක් තුළ හදිසි මහ මැතිවරණයක් කැඳවීම විශේෂත්වයක්. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාධාරණ වෙළඳ ක්‍රියාමාර්ග සහ රටේ ස්වෛරීභාවයට එල්ලවන තර්ජන හේතුවෙන් ඊට මුහුණ දීම සඳහා ශක්තිමත් ජන වරමක් අවශ්‍ය බැවින් හදිසි මහ මැතිවරණයක් කැඳවූ බවයි කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.