Wednesday, March 26, 2025

General line - 0115112241

දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතන අද සිට පරීක්ෂාවට



එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතන අද සිට පරීක්ෂා කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන ආහාර ලබා ගැනීමේදී පාරිභෝගිකයින් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

පසුගිය උත්සව සමයන් තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩිව අවධානයට ලක් වූ නිෂ්පාදන පිළිබඳව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අදහස් පළ කළා.