Wednesday, April 16, 2025

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන කොටසේ ඉදිකිරීම් වසර දෙකකින් අවසන් කිරීමට සැලසුම්



මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම්  ලබන වසර අවසානය වන විට අවසන් කිරීමට හැකිවනු ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.