Wednesday, March 26, 2025

General line - 0115112241

අවුරුද්ද වෙනුවෙන් අද සිට රට පුරා මෙහෙයුම්



එළඹෙන උත්සව සමය ඉලක්කර කර ගනිමින් වෙළඳපොල වැටලීම් සහ විමර්ශන අද සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරි සතිය තුළ තොග ගබඩා හා තොග රැස් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර වැටලීම් ක්‍රියාත්මක කරන බවයි. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා කියා සිටියේ මිල අඩු කිරීම් යැයි පවසා සිදු කරන විවිධ වංචා සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

අලුත් අවුරුදු උත්සව සමය අවසන් වන තුරු මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.