ප්‍රංශයේ සහ ජර්මනියේ විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබෙනවා.
ප්‍රධාන සටන් පාඨ කිහිපයක් මුල්කර ගනිමින් ප්‍රංශයේ ආරම්භ වී ඇති විරෝධතා සඳහා දසදහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අමෙරිකාව යුදමය කටයුතු සඳහා දක්වනක දායකත්වයට විරෝධය පළ කිරීම ඔවුන්ගේ එක් සටන් පාඨයක්.
ඊට අමතරව ප්‍රංශයේ ආගමන ප්‍රතිපත්ති සහ දේශසීමා පාලනයට ගෙන ඇති තීරණවලට විරෝධය පළ කිරීම ද ඔවුන්ගේ තවත් අරමුණක් වනවා.
මේ අතර ජර්මනිය විසින් පෝලන්තයට සංක්‍රමණිකයන් සහ සරණාගතයින් පිටුවහල් කිරීමට එරෙහිව පෝලන්ත - ජර්මානු දේශසීමාවේ සිය ගණනක් ජනයා විරෝධතා ආරම්භ කර තිබෙනවා.
පෝලන්තයට එරෙහි දෙමුහුන් යුද්ධයක කොටසක් ලෙස සංක්‍රමණිකයන් යොදා ගනිමින් යුරෝපා සංගමය සහ ජර්මනිය, පෝලන්ත ජාතිය විනාශ කිරීමේ අනතුරක් ඇති බවයි විරෝධතාකරුවන් පැවසුවේ.
2023 වසරේදී ජර්මනිය, පෝලන්තය සමඟ දේශසීමා පාලනය නැවත හඳුන්වා දුන් අතර ජර්මනියේ සිටීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති දේශසීමාවේ සිටින සංක්‍රමණිකයන් දහස් ගණනක් දැනටමත් ආපසු හරවා යවා තිබෙනවා.