Wednesday, March 26, 2025

General line - 0115112241

කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ව්‍යාජ වීසා බලපත්‍ර භාවිතා කර කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

එලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනා අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන කොළඹ, කළුතර, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 225 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යාමට සැලසුම් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තැරැව්කරුට අමතරව තවත් තැරැව්කරුවෙකු විසින් එම ව්‍යාජ ලේඛන සියල්ල සකස් කර ඇති අතර ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා තවත් තැරැව්කරුවෙකු කැනඩාවේ සිටින බවත් අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.