Wednesday, March 26, 2025

General line - 0115112241

අපයෝජන සිද්ධියකට වරදකරු වූ අයෙකුට වසර 15ක සිරදඬුවමක්

උදය කුමාර



නව හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජන සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් අද බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කළා.

එම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින්. මෙලෙස දඬුවම් නියම වුණේ 59 හැවිරිදි වියේ පසුවන ජංගම එළවළු වෙළෙන්දෙකුටයි.

විත්තිකරුට රුපියල් 75,000ක දඩ මුදලක් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතර වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළා.

මීට අමතරව විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවත් නියෝග කළ අතර එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

මෙම විත්තිකරු විසින් 2011 වසරේදී 09 වන වියේ පසු වූ පාසල් දැරියකට ටොපි, චොක්ලට් ලබාදී හිතවත් කමක් ඇති කරගෙන, ඇය රවටා මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණා.