Thursday, March 27, 2025

General line - 0115112241

දේශබන්දු සෘජුවම ඉවත් කරන්න ජනපතිට බැරි ඇයි?



මෙතරම් චෝදනා එල්ල වී තිබියදීත් බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති ද?

සමාජයේ මේ වන විට ඒ සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.

ඒ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින්ම කතානායකවරයා වෙත භාරදී ඇති පසුබිමකයි. 

ඒ අනුව පොලිස්පතිවරයෙකු ධූරයෙන් ඉවත් කිරීමට ඇති නීතිමය හැකියාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනාධිපති නීතීඥ යූ.ආර්. සිල්වා මහතාගෙන් විමසීමක් කළා.

යෝජනාව භාරදීමෙන් පසු මින් ඉදිරියට සිදුවන පියවර කුමක් ද?

එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලබාදීමට මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ද අවස්ථාවක් ලබාදෙන බවයි ජනාධිපති නීතීඥ යූ.ආර්. සිල්වා මහතා පැවසුවේ.

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට අදාල එම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. එම යෝජනාවට සිය පක්ෂය සහාය ලබා දෙන බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ පැවසුවේ.