නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි හා විදේශීය මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් වත්තල පොලිස් වසමේ සිදුකල වැටලීම්වලදීයි.
එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 24,400ක් සමඟ සැකකරුවෙකු හැඳල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇටම්පොලවත්ත ප්‍රදේශයේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් බෝතල් 300ක් සන්තකව සිටියදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 හා 27 වයස්වල පසුවන වත්තල හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වත්තල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.