Saturday, March 29, 2025

General line - 0115112241

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ජීවිතක්ෂයට



ඉකුත් සමයේ දැඩි අවධානයක් යොමු වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.

මෙම මාරක රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අද උදෑසනයි.

ඒ අනුව එම අනතුරින් මියගිය ගණන තිදෙනෙක්. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම අනතුර සිදු වූයේ පසුගිය 18 වනදායි.

ඒ, සිය බිරිඳ සහ කුඩා දරුවන් තිදෙනා සමඟ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය  ගුනේන්ද්‍ර ගයන්ත මහතා යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටියදීයි.

එහිදී ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතා ඇතුළු 07 දෙනෙකු ගමන් ගත් වෑන් රථය, රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුර සිදුවු අවස්ථාවේදීම ගුනේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්වූ අතර, වෑන් රථෙය් රියදුරු ලෙස ගමන් ගත් ඔහුගේ ඥාති සහෝදරයා වන බිරිඳගේ සහෝදරයා ද ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්වුණා. 46 හැවිරිදි වියේ පසු වූ ගුනේන්ද්‍ර ගයන්ත මහතා තිදරු පියෙක්.