හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසකට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
ඒ, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර ලබාදෙමින්.
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින් ඔවුන්ට අමතරව LTTE සංවිධානයේ කලක් සේවය කළ, එහි නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්ට’ ද මෙලෙස සම්බාධක පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම තහනම් කර ඇති බවයි.
එමෙන්ම එරට තුළ ඔවුන් සතුව ඇති වත්කම් පවතින්නේ නම්, ඒවාද රාජසන්තක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදහස් පළ කළා.