ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්.
වසරක් තුළ අවස්ථා දෙකක දී ඖෂධ නියාමන අධිකාරියට මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදුකිරීමට අවසරය හිමිවනවා.
ඒ අනුව ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද ඔවුන්ට නීතිමය බලය හිමිව ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.