බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 08 හෝ 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේ අදාල යෝජනාවට සමගි ජන බලවේගයේ සහාය හිමිවන බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාරගත කර සිටින්නේ මාතර, වැලිගම, ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
එම සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාවය, නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්ව අප්‍රේල් මස 28 වනදා දක්වා දීර්ඝ කරන බවයි අභියාචනාධිකරණය අද නියම කළේ.