දකුණු කොරියාවේ හටගෙන ඇති ලැව්ගිනිවලින් එරට ඓතිහාසික ආගමික ස්ථාන කිහිපයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඒ අතරට වර්ෂ 1392ත් 1910 අතර ජොසොන් රාජවංශයට ජාතික වස්තුවක් ලෙස සැලකෙන බෞද්ධ විහාරස්ථානයක් ද ඇතුළත්.
“උන්රම්සා” නමින් හැඳින්වෙන මෙම විහාරස්ථානයේ තිබූ ගෘහ නිර්මාණ දකුණු කොරියාවේ ඓතිහාසික වටිනාකමින් යුක්ත බවටයි විචාරකයින් පවසන්නේ.
මීට අමතරව වසර 1300ක් පැරණි ගවුන්සා විහාරස්ථානයේ ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.
උයිසොං නගරයේ පිහිටි එරට විශාලතම ආගමික ස්ථානවලින් එකක් වූ මෙය ක්‍රිස්තු වර්ෂ 618දී ඉදිකරන ලද බවටයි විශ්වාස කෙරෙන්නේ.
දකුණු කොරියානු ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක් වන මෙය එරට වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ හඳුන්වා දී ඇත්තේ දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න ලෙසටයි.
මේ වන විට දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාපය තුළ පමණක් ලැව්ගිනි කිහිපයක් ව්‍යාප්ත වෙමින් ඇති අතර මියගොස් ඇති පුද්ගලයින් ගණන 24ක්. 23,000කට අධික පිරිසක් තම නිවාස අතහැර පලාගොස් තිබෙනවා.
විනාශ වී ඇති වනාන්තර භූමි ප්‍රමාණය අක්කර 42,000ක්.