අරගලය සමයේදී විවිධ පහරදීම් හේතුවෙන් හානි වූ මැති ඇමති නිවාස සඳහා වන්දි ලබාදීම සිදුකලේ නිවැරදි තක්සේරුවකින් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
එලෙස වන්දි ගෙවීමේදී ද ලබා දුන්නේ නියමිත වටිනාකමෙන් සියයට 60ක් පමණක් බවයි ඔහු කියා සිටියේ.
රටේ පැවති වැරදි පූර්වාදර්ශයක් නිවැරදි කිරීමට පමණක් කටයුතු කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.