Sunday, March 30, 2025

General line - 0115112241

වාහන ආනයනය ගැන අමෙරිකාවෙන් දැඩි තීරණයක්



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය වෙළඳ යුද්ධය තවත් තීව්‍ර කිරීමට බලපෑ හැකි තර්ජනාත්මක තීරණයක් ගෙන තිබෙනවා.          

ඒ,  අමෙරිකාවට පැමිණෙන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා සියයට 25ක නව ආනයන බදු පනවමින්.

නවතම තීරුබදු අප්‍රේල් 02 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

වාහන ආනයනය කරන ව්‍යාපාර සඳහා වන බදු එදින සිට ආරම්භ වන අතර අමතර කොටස් සඳහා වන බදු අය කෙරෙන්නේ මැයි මාසයෙන් පසුවයි.