“මිලේනියම් සිටි” සිද්ධියට අදාළව මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඔහුට මෙම නඩුව පවරා තිබුණේ 2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින්.
පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාස්නයක් වටලා එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන ආකාරයට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණා.