Sunday, March 30, 2025

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 20ක් සමඟ පුද්ගලයෙකු STF අත්අඩංගුවට



ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.          

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා කිලිනොච්චිය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

එහිදී ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 20ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සැකකරු 47 හැවිරිදි සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.