මානව හිමිකම් උල්ලංඝනය කරන පිරිස් ආරක්ෂා කරන තාක් කල්, වගවීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය පවසනවා.
ඒ, මෙරට සිවිල් යුද්ධයට නායකත්වය දුන් හමුදා ප්‍රධානින් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව බි්‍රතාන්‍ය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. එම සංවිධානය පවසන්නේ යුද ගැටුම්වලින් එල් ටී ටී ඊ සහ ශ්‍රී ලංකා රජය යන දෙපාර්ශ්වය විසින්ම පුළුල් ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි.
එහෙත් බලයට පත් වූ ශ්‍රී ලංකා රජයන් එම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වසන් කිරීමට සහ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවටයි හියුමන් රයිට් වොච් සංවිධානය චෝදනා කරන්නේ.
එබැවින් ශ්‍රී ලංකාව සිය වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, යුක්තිය පසිඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය වනවා.
විදේශීය රාජ්‍යයන් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම දිගටම කරගෙන යා යුතු බවත් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සැකකරුවන්ට නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය රැස් කර ඇති සාක්ෂි භාවිතා කළ යුතු බවත් හියුමන් රයිට් වොච් සංවිධානය වැඩිදුරටත් පවසනවා.