මෙරට පුද්ගලයින්ගෙන් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන පිරිස සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවේ කාන්තාවන්ගේ ක්‍රියාශීලී භාවය අඩු වීම සියයට 44ක් දක්වා වැඩිවී ඇති බවයි.
ඔන්ලයින් පන්ති හේතුවෙන් දරුවන්ගේ ක්‍රියාශීලීභාවය ද අඩුවෙමින් ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවේ කාර්යාලය තුළ සහ නිවසේදී දරුවන් සහ පුද්ගලයින් ක්‍රියාශීලීව කටයුතු කිරීම පහළ ගොස් ඇති බවයි.