Monday, March 31, 2025

General line - 0115112241

සත්ත්ව සංගණනයේ වාර්තාව අද කෘෂිකර්ම අමාත්‍යංශයට



කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයේ වාර්තාව අද දිනයේ කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබෙනවා.  

ඒ, එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ අදාළ දත්ත ඉදිරි තීරණ ගැනීම සඳහා වැදගත්වන බවයි.

කුමන විවේචන පැවතියත් රටේ ජනතාව මෙම සංගණනය සඳහා සහයෝගය දක්වා ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියා.

කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය පැවැත්වුණේ ඉකුත් 15 වනදායි.