අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම්වරයා ඇතුළු සැකකරුවන් 27 දෙනෙකු මරදාන පොලීසිය මගින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අධිකරණ නියෝග කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව යටතේයි. මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරස්‍රය අවට ඇති මහා මාර්ගවල පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ඊයේ පස්වරු 02යි 30 සිට අද පස්වරු 06 දක්වා කාලසීමාවට අදාළව එම නියෝගය නිකුත් කර තිබුණේ මරදාන පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.