Monday, March 31, 2025

General line - 0115112241

පානදුරෙන් ඇල්ලූ හෂීෂ් තොගයකින් මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු එළියට

සම්පත් කුලරත්න



රුපියල් ලක්ෂ හැත්තෑ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පානදුර අළුබෝමුල්ල ප්‍රාදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. පානදුර පාළම ආසන්නයේදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 870ක් සහ එම ජාවාරමට යොදාගත් ජංගම දුරකතන දෙකක් සොයාගත් බව පොලිසිය පැවසුවා.

එම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සැගව සිටින බව කියන ප්‍රබල ජාවාරම්කරුවෙකුට අයත් බවට සැකකෙරෙන අතර සැකකරු රැදවුම් නියෝග ලබාගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පාලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.