පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉකුත් 26 වනදා මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 01ක් ලැබී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
හොරණ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ කාන්තාවකට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධව එම පැමිණිල්ල ලැබී තිබෙනවා.
මේ අතර, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව ඉකුත් 26 සහ ඊයේ දිනයේ පැමිණිලි 02ක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.
වාලච්චේන ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් සහල්, සරම් හා මුදල් ලබාදෙන බවට එම එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මොණරාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රචාරක පුවරු සවිකිරීමට අදාළව අනෙක් පැමිණිල්ල ලැබී තිබෙනවා.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.