අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා අද පැවති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී එම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් හඳුනා ගෙන තිබෙනවා.
එම හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේයි.
එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීම විශේෂත්වයක්.
මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය අද හඳුනා ගැනීමේ පෙරට්ටුවට පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියා. සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීමෙන් අනතුරුව එම නඩුව යළි විවෘත අධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කලේ මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
පොලිසිය කල එම ඉල්ලීම පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු අප්‍රේල් මස 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
එහිදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අමතමින් සැකකාර හිටපු යුද හමුදා සෙබළා පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන්ට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි.
මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මගින් සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරුගේ ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි.
ඒ අනුව සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කොට, අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළා.
සැකකරු වෙනුවෙන් අද දිනයේදීද කිසිදු නීතිඥයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.